April 20, 2024

බ්‍රසීලය සහ කොලොම්බියාව අර්ධ අවසන් වටයට  

ලෝක කුසලාන පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට සත්කාරක බ්‍රසීල කණ්ඩායම සහ කොලොම්බියා කණ්ඩායම  ඊයේ(28) සමත් විය. 

බ්‍රසීලය සහ චීලි රාජ්‍ය අතර ඊයේ පැවති තරගයේ දී නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසු වූ අතර පසුව දඬුවම් පහර මගින් තරගයේ විසඳුම ලබාදීමට විනිසුරුවන් තීරණය කළේය. 

ඒ අනුව බ්‍රසීලය දඬුවම් පහර තුනට දෙකක් ලෙස ජය වාර්තා කර ගැනීමට සමත් විය. 

කොලොම්බියාව සහ උරුගුවේ කණ්ඩායම් අතර තරඟයෙන් කොලොම්බියාව ගෝල දෙකට බින්දුවක් ලෙස ජය අත්කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව බ්‍රසීලය සහ කොලොම්බියාව ජුලි 4 වැනි දා අර්ධ අවසන් වටයේ දී තරඟ වැදීමට නියමිතය. 

අද (29) නෙදර්ලන්තය සහ මෙක්සිකෝව තරඟය හා කොස්ටරිකා සහ ග්‍රීසිය තරඟය පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)