April 25, 2024

'උරහිස සපා කෑ' ක්‍රීඩකයාගේ අනුග්‍රාහකයා ඉවත් වෙයි

ඉතාලි පාපන්දු ක්‍රීඩක ජෝර්ජියෝ ෂීලිනිගේ උරහිස සපා කෑම හේතුවෙන් මාස 4ක තරග තහනමක් ලද උරුගුවේ ක්‍රීඩක ලුවිස් සුවාරෙස් ගේ අනුග්‍රාහකයෙකු වහා ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තීරණය කර තිබේ.

එය ලුවිස් සුවාරෙස්ගේ ක්‍රීඩා දිවියට දැඩි ලෙස බලපානු ඇති බව විචාරකයින් පවසයි.

මෙම සපා කෑම හේතුවෙන් සුවාරෙස්ට මාස 4ක කාලයක් සඳහා තරග තහනමක් පැනවුණු අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගි වීමේ අවස්ථාව ද ඔහුට අහිමි වේ.

Rate this item
(0 votes)