April 25, 2024

ලෝක කුසලාන පාපන්දු තරඟය වෙනුවෙන්, නව තාක්ෂණික ක්‍රම (VIDEO)

මෙවර බ‍්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරඟය සඳහා උපරිම ලෙස විද්‍යාව හා තාක්ෂණයේ සහය ලබා ගෙන ඇති බව වාර්තා වේ.

මින් ගෝල රේඛා තාක්ෂණය (goal-line technology)  ප්‍රධාන තැනක් ගන්නා අතර  එම තාක්ෂණය යොදා ගැනීමට තත්පරයට ඡායාරූප 500 ක් සටහන්කරගත හැකි අධිතාක්ෂණික කැමරා 7 ක් යොදා ගනී. 

ක්‍රීඩකයන්ට මෙන්ම විනිසුරුවරුන්ටද ප්‍රයෝජනවත් වන මෙවැනි අධිතාක්ෂණික ක්‍රමයක් ලෝක කුසලාන පාපන්දු තරඟයක භාවිතයට ගැනෙන්නේ පළමු වරටයි.

නරඹන්නන් වෙනුවෙන් ද විශේෂ තාක්ෂණික හා පහසුකම් සේවා රැසක් සපයා තිබෙන අතර  කී‍්‍රඩකයන්ගේ සිරුරු සිසිල්ව තබා ගැනීමට සමත් විශේෂ ඇඳුම්, දෙපා හැසිරවීමේ දී පහසුවන සපත්තු, වඩා නිවැරදිව එල්ල කිරීමට හැකි බ‍්‍රාසුකා පාපන්දුව, විනිසුරුවන්ට තාවකාලිකව පිටියේ සලකුණු කිරීමට හැකි ස්පේ‍්‍ර තීන්ත වැනි දේ මුල් තැනක් ගනී. 

ගෝල රේඛා තාක්ෂණය ගැන දැනගන්න වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 June 2014 12:07