March 29, 2024

උරහිස සපා කෑවාට උරුගුවේ ක්‍රීඩකයාට විනය පරීක්ෂණයක්(VIDEO) 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතාලිය සහ උරුගුවේ අතර පැවති තරගයේදී ඉතාලි ක්‍රීඩක Giorgio Chielliniගේ උරහිස සපා කෑම සම්බන්ධයෙන් උරුගුවේ ක්‍රීඩක Luis Suarezට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය විසින් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

උරුගුවේ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයෙකු වන Luis Suarezට ක්‍රීඩා තහනමක් පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගතහොත් ලුවිස් සුවාරෙස්ට තරග 24ක තහනමක් හෝ වසර දෙකක තරග තහනමක් පැනවිය හැකි ය.

කෙසේ වෙතත් මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් උරුගුවේ කණ්ඩායමට හිමි විය.

 

Rate this item
(0 votes)