March 29, 2024

මහින්ද පහරදී රිච්මන්ඩ් දිනවයි

109 වැනි රිච්මන්ඩ් - මහින්ද විදුහල් ක්‍රිකට් තරඟයෙන් රිච්මන්ඩ් විද්‍යාලයට එම තරඟයෙන් ජය හිමිවිය. 

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබාගත්තේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මහින්ද විද්‍යාලය ලකුණු 128ක් ලබාගත් අතර ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 126ක් ලබාසිටියදී පිටිය මැදට එම විද්‍යාලයේ සිසුන් කඩා පැනීමත් සමග කලහකාරී තත්ත්වයක් ඇති විය. 

එම කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අනතුරුව කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුවිය.

මහින්ද විද්‍යාලයේ සිසුන් කලහකාරි ලෙස පිටියට කඩා පැනීමේ ප්‍රතිඵලයක් ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට එම තරඟයෙන් ජය හිමිවී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 March 2014 15:03