April 19, 2024

"බෙන්තොට බීච් ෆෙස්ට්" ඇරඹේ

"බෙන්තොට බීච් ෆෙස්ට්" වෙරළ සහ ජල ක්‍රීඩා සැණකෙළිය 2014 සාර්ථක තෙවන වරටත් මාර්තු මස 21 සහ 22 යන දෙදින පුරා බෙන්තොට මුහුදු වෙරළ ආශ්‍රිතව පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් “හෝක් අයිස්” ක්‍රීඩා සමාජය ,බෙන්තොට ක්‍රීඩා සමාජය සහ සන්ෂයින් ජල ක්‍රීඩා සමාජය එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරයි.

වසරේ දැවැන්තම වෙරල සැණකෙළිය වන බෙන්තොට බීච් ෆෙස්ට් පැවැත්වෙන දෙදින පුරාවටම දිවා කාලයේ ජල සහ වෙරළ ක්‍රීඩාවන් මෙන්ම අභියෝගාත්මක ක්‍රීඩා සංවිධානය කර ඇත. ඊට අමතරව වෙරළ පාපන්දු අත්පන්දු, කබිඩ, කඹ ඇදීම, කැනෝ ඔරු, තරග මෙන්ම ජෙට් ස්කී සංදර්ශණද සංවිධානය කර තිබේ.

පළමු දිනය වන 21 වැනි දා සන්ධ්‍යාවේ ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායම් සමග ප්‍රමුඛ පෙලේ ශිල්පින් සහභාග වන සංගීත සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශණයක් සංවිධානය කර ඇති අතර දෙවන දිනය වන 22 වැනි දා විදේශීය ශිල්පින් සහභාගී වන DJ සංගීත යෙන් හැඩවන නර්තනාංග ඇතුළු සංදර්ශනයක් සංවිධානය කර ඇත.

 

Rate this item
(0 votes)