April 18, 2024

ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් විය. 

බංග්ලාදේශයේ, චිතගොන් හි පැවති මෙම තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 165ක් ලබාගත්තේය. කුසල් පෙරේරා ලකුණු 61ක් ලබා ගැනීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් ක්‍රීඩාකළ දකුණු අප්‍රිකාවට ලබාගත හැකි වුයේ කඩුලු 8ක් දැවී ලකුණු 160ක් පමණි. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත්‍ර සේනානායක ලකුණු 22ට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

 

Rate this item
(0 votes)