April 24, 2024

බැසිල් රාජපක්ෂ අභියෝගතා තරඟාවලිය හෙට

බැසිල් රාජපක්ෂ අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය හෙට (22) හා අනිද්දා (23) දිනවල ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 100ක් පමණ සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ ශූරතාවය දිනාගනු ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම්වලට රුපියල් 100,000 ක් සහ අනුශූරතාවය දිනාගනු ලබන කණ්ඩායමට රුපියල් 75,000ක් බැගින් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

ලිය අභිමන් සංවිධානය හා ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම වොලිබෝල් තරඟාවලිය සංවිධානය කරයි.

මෙහි  සමාරම්භක උත්සවය ලබන 22 දින පෙරවරු 09.00ට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

Rate this item
(0 votes)