April 24, 2024

ශ්‍රී ලංකා, නේපාල කාන්තාවන් පා පන්දුවෙන් ගැටෙති 

ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරන අවුරුදු 14 න් පහල ආසියානු කලාපීය කාන්තා පා පන්දු තරඟාවලියේ අද(21) ශ්‍රී ලංකා පාපන්දු කාන්තා පිල හා නේපාල පිල තරඟවැදීමට නියමිතය.

දකුණු හා මධ්‍යම ආසියානු කලාපීය අවු 14න් පහළ කාන්තා පාපන්දු තරගාවලිය අරඹමින් ඊයේ (20) කොළඹ සිටි පාපන්දු පිටියේ තරග වැදුන සත්කාර ශ්‍රී ලංකා පිල ඉන්දියානු පිල වෙතින් ගෝල 7-1ක් ලෙසින් දරුණු පරාජයක් ලැබිය.

මෙම තරඟාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, භූතානය, ඉරානය, තජිකිස්ථානය සහ ශ්‍රී ලංකා යන රටවල බාළිකා පාපන්දු කණ්ඩායම් සහභාගිවිමට නියමිත අතර තරඟාවලිය 25 වැනි දා දක්වා පැවැත්වේ.

තරඟාවලිය කොළඹ සිටිලීග් සහ බැද්දෙගාන ක්‍රීඩාපිටිවලදී පැවැත්වීමට කටයුතු කර ඇත. 

 

Rate this item
(8 votes)