March 29, 2024

සීගිරිය රැලි ක්‍රොස් 22 සහ 23 දිනවලදී

සීගිරිය රැලි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය 22 සහ 23 වන දිනයන්හි සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ධාවකයින්ගේ සංගමය  සමග එක්ව සීගිරිය රැලි ක්‍රොස් තරඟාවලිය හයවන වරටත් සංවිධානය කරනු ලබයි.

22 වැනි දා පුහුණු තරඟ සහ 23 වැනි දා ප්‍රධාන තරඟය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර තරඟාවලිය සඳහා ඉසව් 20ක් ඇතුළත් වන බවත් මේ සඳහා ක්‍රීඩකයන් 132ට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත බවත් සීගිරි රැලි ක්‍රොස් තරඟාවලි සංවිධායක කමිටුව පවසයි. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 11:52