April 24, 2024

වොට්සන් සමු ගැනීමට තීරණය කරයි

ඉන්දියාවේ පැවැත්වෙන 06 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරු ව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මොහාලිහි දී පාකිස්තානය සමග අද (25) පැවැත්වෙන තරගයට පෙර පුහුණුවීම්වල නිරතව සිටිය දී ඔහු මේ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. පසුගිය වසරේ පැවති අළු බඳුන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරු ව ටෙස්ට් පිටියෙන් සමුගත් 34 හැවිරිදි ‍වොට්සන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්දින තරග බිමෙන් ද ඉවත් විය.

මේ වනවිට ජාත්‍යන්තර විස්සයි20 තරග 56කට ක්‍රීඩාකර ඇති වොට්සන් ඉනිම 54කදී ශතකයක් (124) හා අර්ධ ශතක 10ක් සමගින් ලකුණු 1400ක් රැස්කර තිබේ. එංගලන්තයට එරෙහිව 2011 දී ලකුණු 15කට කඩුලු 04ක් බිඳ හෙලමින් හොඳම දක්ෂතාව දක්වා ඇති ඔහු බිඳ හෙලා ඇති කඩුලු ගණන 46කි.

ආරම්භක පිතිකරුවකුවන ඔහු එක්දින පිටියෙන් සමුගන්නා විට තරග 190කදී ලකුණු 5757ක් රැස්කර මින් හා කඩුලු 168ක් බිඳ හෙලමින් දස්කම් දක්වා තිබේ. එමෙන්ම ටෙස්ට් තරග 59කදී ලකුණු 3731ක් හා කඩුලු 75ක් බිඳ දැමීමට සමත් ව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 09:27