March 29, 2024

"සයිටම් රොබටික්" තරගයේ ජය ගාල්ල මහින්දෙට 

නව රොබෝ නිර්මාණ බිහිකරන දරුවන් ලොවට හඳුන්වා දීම යටතේ කොළඹ දී පැවති "සයිටම් රොබටික්" තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ උසස් පෙළ සිසුන් පිරිසක් සමත් වූහ.

එම තරගාවලිය සඳහා රොබටික් පරීක්ෂණ සිදු කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් 20 ක් සහභාගී වී ඇත.

එහි දී මහින්ද විද්‍යාලයීය ඇතුළු සියළු කණ්ඩායම් වෙනුවෙන් එක් කණ්ඩායමකට සිසුන් 05 දෙනා බැගින් ඇතුළත් විය.

ජයග්‍රාහී මහින්ද කණ්ඩායම වෙනුවෙන් නායක එරංග හසරංග, ශානක ලක්නාත් මධුෂංක, එනුෂ්ක රන්දික, හරීන් හිමිදිර, කසුන් නිර්මල යන සිසුහු සහභාගී වුහ.

ලංකින්ද නානායක්කාර

Rate this item
(1 Vote)