April 19, 2024

හෂීම් අම්ලාට තනතුරක්

පසුගිය මාර්තු මාසයේ දී හිටපු නායක ග්‍රැහැම් ස්මිත් විශ්‍රාම ගැනීමෙන් අනතුරු ව ඇති වූ පුරප්පාඩුව සඳහා අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හෂීම් අම්ලා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි තරග දෙකක ටෙස්ට් තරගාවලිය 31 හැවිරිදි හෂීම් අම්ලා නායකත්වයට පත්වීමෙන් අනතුරු ව ඔහුට ලැබෙන ප්‍රථම අභියෝගය වේ.

එම තරගාවලිය ජූලි 16 වැනි දා ශ්‍රී ලංකාවේ දී නියමිතයි.

ටෙස්ට් තරග 76 ක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ හෂීම් අම්ලා ලකුණු 6,214 ක් රැස් කර තිබේ. එහි සාමාන්‍යය 51.35කි.

Rate this item
(0 votes)