April 25, 2024

වසර 22 කට පසු සචිත්‍ර ක්‍රිකට් මතකය අලුත් කරයි (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති 5 වන එක්දින ක්‍රිකට් තරගයේදී  සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගනු ලැබීමේ සිද්ධිය මේ වන විට ක්‍රිකට් ලෝකය පුරා ඉමහත් ආන්දෝලනයකට පත්ව තිබේ.

එයට හේතුව ජොස් බට්ලර් පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාම හේතුවෙන් සචිත්‍ර සේනානායක කඩුල්ල බිඳ දැමී ය. එය දුවද්දී දැවී යාමක් වන අතර පන්දු රකින කණ්ඩායමේ නායකයාට එම දැවී යාම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. නමුත් නායක ඇන්ජලෝ මැතිව්ස් එය ප්‍රතික්ෂේප නොකිරීම හේතුවෙන් ජොස් බට්ලර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණි. 

මීට පෙර අවස්ථාවක දී ක්‍රිස් ගේල් මෙලස පිතිකරුවාට අවවාද කලද,  පන්දු යවන්නාගේ අන්තයේ සීමා ඉර ඉක්මවා යාම හේතුවෙන් පිතිකරුවා දවාගත් මෙවැනි සිද්ධිය ක්‍රිකට් පිටියෙන් වාර්තා වූයේ 1992  වසරෙන් පසුව ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත නායක ඇලස්ටෙයාර් කුක් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ දමන ක්‍රියාවක් බව ය. එම ක්‍රියාව පිළිබඳව තමන් අතිශයින් කණගාටු වන බවත් තරඟයක අවසන් පන්දු වාර කිහිපයකදී පිතිකරුවන් තුළ පවතින පීඩනය හේතුවෙන් සීමා ඉර ඉක්මවා පියවර කිහිපයක් ඉදිරියට යාම සාමාන්‍ය තත්ත්වයක් බව ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසා ඇත්තේ, ජොස් බට්ලර්ට ඒ සම්බන්ධයෙන් දෙවරක් අවවාද කළ බව ය.

 වීඩියෝව පහතින්

Rate this item
(5 votes)
Last modified on Wednesday, 04 June 2014 13:25