April 19, 2024

දීප්ති පාපැදි තරගාවලිය ජුනි 7

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'දීප්ති' පාපැදි සමාජ ශූරතාවලිය ජුනි මස 07 වැනි දින අනුරාධපුර පොතානේගම හන්දියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දීප්ති පාපැදි සමාජය, ටූ වීල්, සෞම්‍ය, රංජිත්, අනුර හා ශක්ති යන ආරාධිත පාපැදි ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියේදී තරග වදිනු ඇත.

සියලුම තරග ස්ටෑන්ඩඩ් වර්ගයේ පාපැදි සඳහා සීමා වන අතර අදාළ තරග අනුරාධපුර පොතානේගම හන්දියෙන් ආරම්භ වී වෙස්සගිරිය, ඉසුරුමුණිය, කුරුණෑගල හන්දිය, මිරිසවැටිය, තිසාවැව, පණ්ඩුලගම හරහා පොතානේගම හන්දියට පැමිණීමට නියමිතය.

මෙහිදී කනිෂ්ඨ පිරිමි, කනිෂ්ඨ කාන්තා, සුපිරි හා 23න් පහළ (පිරිමි) යනාදී ඉසව් යටතේ තරග පැවැත්වෙන අතර සියලුම තරගකරුවන් හිස්වැසුම් පැලඳීම අනිවාර්ය කර ඇත. තවද තම පාපැදි සමාජ නිල ඇඳුම මෙම තරගාවලිය සඳහා භාවිතා කළ යුතු අතර එසේ නොමැති අය අනුග්‍රහයක් නොදක්වන කිසිදු ආයතනයක ලාංඡන සහිත ඇඳුම් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

Rate this item
(0 votes)