March 29, 2024

රෙඩ් සන් ශූරයෝ වෙති 

2014 වසරේ ගම්පොල එක්සත් ක්‍රීඩා සංවිධානය පාපන්දු තරගාවලියක් සංවිධාන කළ අතර එහි ශූරතාව රෙඩ් සන් කණ්ඩායම විසින් දිනා ගනු ලැබී ය.

එම තරගාවලිය පසුගිය දා නාවලපිටිය, ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවත් විය.

දක්ෂ ලෙස ක්‍රීඩා කළ රෙඩ් සන් කණ්ඩායම 05 ට 01 ක් ලෙස තරගය ජයග්‍රහණය කළ අතර තරග විනිශ්චයකරු ලෙස උදය කාන්ත මහතා කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති සුනිල් සෙනවීර මහතා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අධ්‍යක්ෂ අනුර ඩී සිල්වා මහතා සහ අෆ්‍රඩ් ඩයස් මහතා එම අවස්ථාවට සහභාගී වූහ.

Rate this item
(0 votes)