April 24, 2024

පාසල් නෙට්බෝල් මූලික වටයේ තරග අද සහ හෙට

පාසල් නෙට්බෝල් සංගමය සංවිධානය කරන  මයිලෝ කුසලාන අන්තර් පාසල් නෙට්බෝල් ශූරතාවලියේ මූලික වටයේ තරග අද සහ හෙට අම්පාරේ දී පැවැත්වේ.ප්‍රදේශ 15ක් මුලික කරගනිමින් මූලික වටයේ තරග පැවැත්වෙන අතර ඊට පාසල් 760කින් කණ්ඩායම් 1150ක් සහභාගී වේ. 23වැනි වරටත් පැවැත්වෙන මයිලෝ කුසලාන අන්තර් පාසල් නෙට්බෝල් ශූරතාවලියට මෙවර අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩය වෙනුවට අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩය ඇතුළත් වන අතර අවුරුදු 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ තරග වයස් කාණ්ඩ යටතේ සෙසු තරග පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)