April 19, 2024

ආසියානු තරගාවලියට නෙට්බෝල් ක්‍රීඩිකාවන් 15ක්

ආසියානු  සංචිතයට නාවික හමුදාවේ හසිතා මෙන්ඩිස් හා ගුවන් හමුදාවේ තිවංකා පෙරේරා ඇතුළත්ව ඇති අතර මේ දෙදෙනාම ජාතික පිලට එක්වන පළමු අවස්ථාව මෙය වේ.හිටපු නායිකාවන් දෙදෙනකු වන ශෂිකා සමරසිංහ, කුමරිනී ද සිල්වා එක්ව සිටින අතර කනිෂ්ඨ නෙට්බෝල් නායිකාවක් වු ෂෙරීන් නුගේරා ද තෝරා ගෙන ඇත.මේ සංචිතයට කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිරි පුහුණු කටයුතු සිදුකරන අතර නවසීලන්ත පුහුණු උපදේශිකාවක් ද කණ්ඩායම සමග එක්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා සංචිතය 

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය මෙසේය: මරීෂා ප්‍රනාන්දු, ශෙරීන් නුගේරා, තිළිණි වත්තේගෙදර, ගයනි දිසානායක, තිසාලා අල්ගම, තර්ජනී සිවලිංගම්, දර්ශිකා අබේවික්‍රම, දීපිකා අබේකෝන්, සුරේඛා කුමාරී, සෙමිනි අල්විස්, නවුජලී රාජපක්ෂ, හසිතා මෙන්ඩිස්, කුමරිනි ද සිල්වා, ශෂිකා සමරසිංහ, තිවංකා පෙරේරා

 

 

Rate this item
(0 votes)