March 28, 2024

බ්‍රැඩ්බි පළිහ පළමු ජය මහනුවර ත්‍රිත්ව විදුහලට 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ පළමු අදියර ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

බ්‍රැඩ්බි පළිහ රග්බි තරගය කොළඹ, රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැතිවිණි. මෙවර එය පැවැත්වු‍ණේ 70 වැනි වරටයි.

තරගයේ පළමු අර්ධය ලකුණු 17 ට 13 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර, ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තවත් ලකුණු 11ක් ලෙස රැස් කළේය. 

එහිදී කොළඹ රාජකීය කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 3 ක් පමණි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට ලකුණු 28 ට 16 ක්‍ ලෙස ජය හිමිකර දෙමින් තරගය අවසන් විය.

මෙම තරගයේ දෙවැනි අදියර ලබන 17 වැනි දා මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)