April 19, 2024

හෑන්ඩි බෝල් තරගාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට  

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෑන්ඩි බෝල් පිරිමි කණ්ඩායම හා ශී‍්‍ර ලංකා යුධ හමුදා පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් පුර්ව තරගයේදී අභීයෝගාත්මක තරගයකින් පසුව 28 ට 27 ක් ලෙස  ගුවන් හමුදා  කණ්ඩායම පසුගියදා ජයග‍්‍රහනය කරන ලදි.

 

පළමුවරට පැවැත්වුනු ආරක්ෂක සේවා හෑන්ඩි බෝල් තරගාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්විණ.

ගුවන් හමුදා හෑන්ඩි බෝල් කාන්තා කණ්ඩායම අවසන් පුර්ව වටයෙහි නාවික හමුදා කණ්ඩායම සමග තරග වැඳුන අතර එය 20 ට 7 ක් ලෙස  ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග‍්‍රහනය කරන ලදි.

ගුවන් හමුදා පිරිමි හෑන්ඩි බෝල් කණ්ඩායම සමග අවසන් තරගයට සුඳුසුකමි ලැබීමට නාවික හමුදා  කණ්ඩායම සමත් විය.

එම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරදා 30 ට 25 ක් ලෙස ජය ගනිමින්  ගුවන් හමුදා  පිරිමි කණ්ඩායම 2014 ආරක්ෂක සේවා හෑන්ඩි බෝල් තරගාවලියේ 2014 ශූරතාවය දිනා ගන්නා ලදි.

අවසන් තරගයේදී ගුවන් හමුදා  කාන්තා හෑන්ඩි බෝල් කණ්ඩායම හා යුධ හමුදා කාන්තා කණ්ඩායම තරග වැඳුනු අතර එම තරගය 15 ට 07 ක් ලෙස ජය ගනිමින් ගුවන් හමුදා  කාන්තා කණ්ඩායම ආරක්ෂක සේවා හෑන්ඩි බෝල් තරගාවලියේ 2014 ශූරතාවය දිනා ගන්නා ලදි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 April 2014 11:14