April 24, 2024

සංගක්කාර විස්සයි රහස් හෙළි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර යර්ස් එෆ්.එම්. (YES FM ) නාලිකාව මගින් සංවිධානය කළ විශේෂ සජීව වැඩසටහනකට ඊයේ සහභාගි විය.ඒ, රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.එම වැඩසටහන එම්.ටී.වී. ස්පෝට්ස් (MTV Sports) නාලිකාව ඔස්සේ විකාශය කෙරිණ.කුමාර් සංගක්කාරගේ ආදරණීය බිරිඳ යෙහාලි ද එම වැඩසටහනට සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර දිනයේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග කළ කී දෑ විස්තර කළේය.වැඩසටහන අතරතුර මහේල ජයවර්ධන, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමී දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීම විශේෂත්වයකි.ඊට අමතරව ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයින්ට සංගක්කාර සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවිය.

වැඩසටහන අවසානයේදී කුමාර් සංගක්කාරට සමරු තිළිණයක් ද පිරිනැමිණි.එහිදී ක්‍රීඩා ලෝලියෙකු විසින් නිර්මාණය කරන ලද කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ රුව ඇතුලත් චිත්‍රයක් ද සංගක්කාර පිරි නැමීම විශේෂත්වයකි.

(සුදේශ් කරුණාතිලක-බහරේන්)

Rate this item
(0 votes)