April 18, 2024

විරාල් ක්‍රීඩකයෝ වාර්තාවක් පිහිටුවති

එංගලන්තයේ විරාල් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 03 කට සියලුදෙනා දැවී යමින් වාර්තාවක් පිහිටුවා තිබේ.

එම ලකුණු 03 අතරින් ලකුණු 02ක් ම අතිරේක ලකුණු  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කණ්ඩායමේ ප්‍රථම ක්‍රීඩකයින් 10 දෙනා ලකුණු 0 ට දැවී ගොස් ඇති අතර 11 වැනි ක්‍රීඩකයා පමණක්  එක් ලකුණක් වාර්තා කර තිබේ.

මීට අමතර ව කණ්ඩායම ලැබූ අතිරේක ලකුණු 02 සමග කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 03 කි.

පළමු කඩුළු කීපය බිඳ වැටීමෙන් අනතුරු ව මැද පෙළ පිතිකරුවන් මානසික ආතතියකට ලක්වීම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

Rate this item
(0 votes)