March 29, 2024

අයිපීඑල් තරගාවලියේ තරග 02 ක් අවසන් 

අයිපීඑල් තරගාවලියට අදාල ව ඊයේ තරග 02 ක් නිමාවට පත් ව තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර එක් තරගයක් පැවැත් වූ අතර ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 125 ක් රැස් කර ගත්හ.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 05 ක දී කඩුළු 04 ක් දැවී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත් බව වාර්තා වේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් චෙන්නායි කණ්ඩායම කඩුළු 05 ක ජයක් ලබා ගැනීමට සමත් විය.

ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 145 ක් රැස් කළ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 03 ක දී කඩුළු 05 ක් පමණක් දැවී තරගය ජයග‍්‍රහණය කර තිබේ.

Rate this item
(0 votes)