March 28, 2024

ආසියානු ෆයිව් නේෂන්ස් රග්බි ජය කොරියාවට 

ආසියානු ෆයිව් නේෂන්ස් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු කොරියානු කණ්ඩායම අතර ඊයේ(26) පැවති පළමු තරගයෙන් දකුණු කොරියානු කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

2015 ලෝක රග්බි ශූරතාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලිය දකුණු කොරියාවේදී 26 වැනිදා  ආරම්භ විය.

ආරම්භක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව සමග තරග කළ අතර දකුණු කොරියාව පළමු අර්ධයේදී ලකුණු 30 ට 03 ක් ලෙසින් පෙරමුණට පැමිණියේය.

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව කිසිඳු ලකුණක් වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගය නිමා වූයේ ලකුණු 59 ට 03 ක් ලෙස දකුණු කොරියාවට ජය හිමි කර දෙමිනි.

තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන අතර ඊට ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, ජපානය, හොංකොං සහ පිලිපීනය යන ආසියාවේ රග්බි බලවතුන් එක්වේ.

 

Rate this item
(0 votes)