April 20, 2024

ලයන්ස් කුසලානයට මෙරටින් කණ්ඩායම් දෙකක් 

‘ලයන්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘ඒ’ (ජාතික කණ්ඩායම) සහ ‘බී’ (සංවර්ධන කණ්ඩායම) ලෙස කණ්ඩායම් දෙකක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ප‍්‍රවීන බොක්සිං කී‍්‍රඩක අනුරුද්ධ රත්නායකටත්, ‘බී’ කණ්ඩායමේ නායකත්වය නැගී එන යොවුන් කී‍්‍රඩක සුරේෂ් පට්ටිආරච්චිටත් හිමිවී තිබේ.

රටවල් 10 ක සහභාගීත්වයෙන් ලබන 28 වැනිදා සිට මැයි 2 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට ආසියානු සහ යුරෝපා මහද්වීප නියෝජනය කරමින් චීන තායිපේ, බෙල්ජියම, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල් සහභාගී වන අතර  ඕස්ටේ‍්‍රලියාවෙන්ද බොක්සිං කණ්ඩායමක් පැමිණීමට නියමිත බව  ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය පවසයි. 

 

Rate this item
(0 votes)