March 28, 2024

ඇමති සීබී වලපනේ බක්මහ උළෙලට

වලපනේ බක්මහ උළෙල පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වලපනේ බටගොල්ල පුස්සදේව ජාතික පාසල් කී‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

එහිදී වලපනේ බක්මහ කුමරිය ලෙස අභිෂේක ලැබු පාරමී තක්‍ෂිලා මුණසිංහ මෙනවියට අමාත්‍යවරයා අතින් ඇයට හිමි පදක්කම් පැලදවිය.

සී.බී. රත්නායක පදනම, වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලපනේ ප‍්‍රාදේශීය සභාව හා පොලීසිය ඒකාබද්ධව මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර එස්.බී. රත්නායක, වලපනේ ප‍්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා ඇතුලූ මන්තී‍්‍ර පිරිසක්ද, වලපනේ ප‍්‍රාදේශීය ලේකම් මුතුබණ්ඩා මහතා ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)