April 20, 2024

ලෝක මලල ක්‍රීඩා සමරන්න අවස්ථාවක්

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මගින් ප්‍රකාශිත 'ලෝක මලල ක්‍රීඩා දිනය සැමරීමේ ක්‍රීඩා උළෙල' මැයි 11 වැනි දා පෙරවරු 8.00 සිට ටොරින්ටන් චතුරස්‍රයේ දී පැවැත්වේ. 

ක්‍රීඩා උළෙල අවුරුදු 16න් හා අවුරුදු 18න් පහළ බාලක, බාලිකාවන් සඳහා විවෘත වන අතර ක්‍රීඩා උළෙල සඳහා අයදුම්පත් ගාස්තුවක් අයනොකෙරේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධිත රටවල් 210ක මෙම ක්‍රීඩා උළෙල පැවැත්වේ. 

අයදුම්පත් බාරගැනීම මැයි මස 8 වැනිදා අවසන් වේ. අයැදුම්පත් එච්.ඩබ්. නිමල්සිරි, උප සභාපති, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, 8/100, පදනම් මාවත, ටොරින්ටන් චතුරස්‍රය, කොළඹ 7 ලිපිනයට යොමු කළ යුතුය.

Rate this item
(0 votes)