April 19, 2024

සන්රයිසස් හයිද්‍රාබාද් පිලට සහ චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය 

අයිපීඑල් කි‍්‍රකට් තරගාවලියට අදාල ව ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 184 ක් ලබා ගනු ලැබී ය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 04 ක් දැවී ලකුණු 180 ක් පමණක් ලබා ගත්හ.

ඒ අනුව ලකුණු 04 ක තියුණු ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් විය.

Rate this item
(0 votes)