April 16, 2024

අයර්ලන්ත සංචාරයෙන් ඩිල්ෂාන් ඉවතට 

ක්‍රිකට් තේරීම් කමිටුව අයර්ලන්ත එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා පත් කරගෙන තිබේ.

 

අයර්ලන්ත තරගය සඳහා නායකයා වශයෙන් ඇංජලෝ මැතිව්ස් සහ උප නායකයා වශයෙන් ළහිරු තිරිමාන්න තෝරා පත් කර ගෙන ඇත.

කුසල් ජනිත්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියංජන, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල තෝරා ගෙන තිබේ.

එම සංචාරය සඳහා කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත් නොවීම විශේෂත්වයකි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 April 2014 11:35