March 29, 2024

දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයේ විශේෂ හමුවක්    

November 03, 2014

ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වීමට නියමිතය. 

ඉදිරි ජාතික මැතිවරණවලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර මීට ඉහතදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත වී තිබුණ ද යම් යම් හේතු නිසා එය මගහැරී ගිය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 November 2014 06:53