April 19, 2024

විපක්ෂයේ මන්ත්‍රීවරු තුනක් ආණ්ඩුවට ගන්න සූදානමක

November 01, 2014

විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් රජය ආරම්භ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. 

විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට ගැනීමේ කටයුත්තට මෙවැනි ක්‍රියා සඳහා නමක් දිනා සිටින රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි.

එම අමාත්‍යවරයා දකුණ, මහනුවර, කුරුණෑගල ප්‍ර දේශ නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා දින 10ක පමණ කාලයක සිට සිදු කරන බවත් වාර්තා වෙයි.

2015 අයවැය විවාදය ආරම්භවීමට ප්‍රථම මෙම තිදෙනා රජයට ගැනීමට සූදානම් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 November 2014 12:31