April 19, 2024

විපක්ෂ නායක මුකුත් නොකියා මග හරිනව - දුමින්ද සිල්වා

මෙවර අයවැයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතාවට සහන රුසක් ලබාදුන් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ පසුගියදා මීතොටමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 15,000ක් දක්වා වැඩි කිරීම සමඟ දීමනා එකතු වූ විට රුපියල් 25,000ක මාසික වැටුපක් ලබා ගැනීමට මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයාට හැකියාව ලැබී ඇති බවත් එජාප ආණ්ඩු කාලයේදී රුපියල් 300ක් වැඩි කරන ලෙස ඉල්ලූ අවස්ථාවේ රැකියාවන් නැති කල පිරිසක් ඒජාපයේ සිටි බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

“අපි මේ වෙලාවේ සිහිපත් කල යුතුයි ඒ වගේම විදුලි බිල 25% කින් අඩු කරලා ජනතාවට තිබූ විශාල බරකින් අද නිදහස් කරලා තියෙනවා. කාෂිකර්මාන්තයට ඉතා වාසිදායක අයවැයක් ලබාදී බිත්තර වී නොමිලේ ලබා දීමටත් පොහොර සහනාධාරය දිගටම ලබා දීමටත් මෙම අයවැයෙන් ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. නමුත් එජාප ප‍්‍රමුඛ විපක්ෂය විවිධ කටට එන කථා කියනවා. මේක පච අයවැයක් සහන නෑ බොරු. ඒවා කියන්නේ නැතුව විපක්ෂයට පුලුවන්ද මේක ඇත්තටම ජනතාවට සහන දුන්න අයවැයක් කියන්න. මේ රටේ විපක්ෂය නායකයා මාධ්‍යවේදීන් අයවැය ගැන අහපුවාම දී අනේ මට යන්න දෙන්නකෝ මම දන්නේ නැහැ. මේ වගේ දේවල් කියලා මොකුත් නොකියා මග හරිනව.“ යැයි හෙතෙම සඳහන් කළේය.

“මේ රටේ විපක්ෂ නායකයා මොනව හරි කියන්න එපැයි. ඕක තමයි යථාර්ථය. කියන්න දෙයක් නෑ මේ අය වැය ජනතාශීලි ජනතාවට සුභවාදී අයවැයක් විදියට ජනතාව දකිනවා. එදා වගේම අදත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මිනිසුන් තුල තිබෙන විශ්වාසය තවමත් තියෙනවා. මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ දෙන්න පටන් ගත්තා විතරයි . ඒ නිසා ඉදිරියේදී ඊට වඩා සහන ජනතාවට ලබා දෙන්න රජයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා.“ ඔහු වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)