April 25, 2024

අමරණිය 'විප්ලවවාදියකුගේ' ජීවන පෙළගැස්ම (පස්වැනි කොටස)

මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතරින් ඇන්.එම්. පෙරේරා , දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධන හුවා දැක්විය හැක. 
මේ සියලු දේශපාලන චරිත එක්තරා කාලයක රටේ ජන විඥානය සසල කල මිනිසුන්ය. එහෙත් නිවැරදි පන්ති දැක්ම වෙනුවට තම තමන්ගේ සුඛවිවරණය උදෙසා තම දේශපාලන ව්‍යාපාරය උකස් කර පක්ෂය මෙන්ම පන්තියද අරමුණක් නැති දේශපාලන මඩ ගොහොරුවක් වූ ධනපති සභාග ඉදිරියේ අකර්මන්‍ය කළේය. එවිට ලාංකීය දේශපාලන බිමට වමේ රික්තකය බිහිවිය. පීඩිත පව්ල් පසුබිමකින් පැවත එන රෝහණ විජේවීර නම් තරුණයෙකු එකී රික්තකය පිරවීමට, සිය වෛද්‍ය උපාධිය දනින් වැටී ලබා ගන්නවා වෙනුවට පැරණි වමෙන් ගිලිහුණු වමේ රතු ධජය සුරතට ගත්තේය. 
1970 වන විට නැවතත් ලාංකීය භූමියට වමේ නැවුම් සුවඳ දැනුනි. රෝහණ විජේවීර බිහිවීමත් සමගම සමසමාජ -කොමියුනිස්ට් පක්ෂ හරහා අකර්මන්‍ය වී තිබුණු වාම ප්‍රවාහය නැවත අලුගසා නැගී සිටියේය. පැරණි වම ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එපමණක් නොව පැරණි වමේ නායකයන් අභිබවා නව නායකත්වයක්ද බිහිවිය. 
 
කුණුවී දිරාපත්වන ධනවාදය වෙනුවට සමානාත්මතාවය , සාධාරණය රජයන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ පළමු වෙඩිහඬ 1971 අප්‍රේල් 05 වන දින හමා ගියේ ලාංකීය පීඩිත පන්තියට නව බලාපොරොත්තු එක් කරමිනි. දස දහස් ගණන් තරුණ තරුණියන් ඉච්චාභාන්ගත්වයට පත්කර, අරාජිකත්වය මුළුමහත් සමාජයම වසමින් , වතු පාලකයන් විසින් කම්කරු පන්තිය පාගමින් , රදල වලව් තුලින් රටේ සියලු තීන්දු තීර ගැනීම් තිබුණු තත්වයක එදා රට පැවතුනි. එයට එරෙහිව අභීතව ජනතාව පෙළ ගැස්වීමට හැකි වුයේ විජේවීර නම් අසහාය මිනිසාට පමණි. 
 
71 ජනතා නැගිටීම අසාර්ථක විය. දහස් ගණනක් වීර සටන්කාමීන් මරු මුවට පත් විය. තවත් බොහෝ පිරිසක් සිරදඬුවම් වින්දේය. 13 වන විත්තිකරුවූ රෝහණ විජේවීර දීර්ඝ සිර දඬුවමකට යත් විය. විත්ති කරුවන් 24 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන්ම අන්ත දක්ෂිනාන්ශීක කඳවුරේ සුරතලුන් බවට පත් විය. ඔහු අතහැර ගිය කිසි වෙකුට ඔහු පසු කර යා නොහැකි වීම ඉතා සුවිශේෂී කරුණකි.බොහෝ අය නව දේශපාලන ප්‍රවාහයන් ආරම්බ කලේ විජේවීර පරාජය කිරීමට මිස දේශපාලන වෙනසක් කිරීමට නොවේ. නමුදු කිසිවෙකු ඔහු අභිබැවීමට අසමත් විය. 
(ඉතිරිය හෙට දිනයේදී )
(විජේවීරගේ හඬ පහතින් අසන්න)
 
Rate this item
(0 votes)
Last modified on Friday, 17 October 2014 14:05