April 20, 2024

රන්ජන් මරන්න 'මැරයන්' හිරු වටලති

ඊයේ (16) හිරු රූපවාහිනි නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකින් අනතුරුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පහරදීමට අවි ගත් කණ්ඩායමක් එම රූපවාහිනි ආයතනයේ පහල රැදී සිට ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම රූපවාහිනී සංවාදයෙන් අනතුරුව රූපවාහිනි ආයතනයේ රැදී සිටි ඇති අතර පසුව මන්ත්‍රීවරයා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ඊයේ (16) හිරු රූපවාහිනි නාලිකාවේ පැවති බලය දේශපාලන සජීවි වැඩසටහනට අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහභාගී වී තිබේ.

 

Rate this item
(11 votes)
Last modified on Saturday, 18 October 2014 08:56