April 24, 2024

වන්ෂොට් එජාපය ගැන කළ කිරෙයි

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභාවට තරග කර පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නළුවෙකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂය පිළිබඳ දැඩි ලෙස කලකිරී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහුට මේවන තෙක් පක්ෂයේ තනතුරක් හෝ වගකීමක් පවරා නොමැති බැවින් ඔහු මෙලෙස පක්ෂය පිළිබඳ කළකිරීමෙන් පසුවන බව ද වාර්තා වෙයි.

එම මන්ත්‍රීවරයා ඉදිරියේදී එජාපය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජනාධිපතිවරණයට අදාල මෙහෙයුම් කටයුතු වලට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර නමුත් ඔහු ඒ සඳහාද පක්ෂය විසින් නම් කර හෝ වගකීමක් පවරා නොමැති වීමද ඊට බලපා තිබේ.

පක්ෂයේ ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු වලට මෙම මන්ත්‍රීවරයා ප්‍රදේශ රැසක විවිධ කණ්ඩායම් පවා සූදානම් කර ඇත. ජනප්‍රිය නළුවෙකු වූ මෙම මන්ත්‍රීවරයා ඊට සූදානම්වීමට තමන්ට ලැබුණු චිත්‍රපට කිහිපයක්ද අවලංගු කර තිබූ බවද වාර්තා වෙයි.

එම මන්ත්‍රීවරයාට මේ පිළිබඳ විමසා නිතරම තම හිතවතුන්ගෙන් හා ජනතාවගෙන් දුරකතන ඇමතුම් ලැබෙන බවද වාර්තා වෙයි. 

Rate this item
(2 votes)
Last modified on Friday, 17 October 2014 09:10