April 18, 2024

රජයේ 'ප්‍රබලයන් පහක්' එජාපයට

රජයේ ප්‍රබලයින් පස්දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේවන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වසන්ත සේනානායක මහතා, රාජ්‍ය කළමනාකරන අමාත්‍ය නවීන් දිසානායක මහතා එජාපය සමඟ සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

{module LOLC}

මෙම පිරිසෙන් සිව්දෙනෙකු ළඟදීම රජයෙන් ඉවත් වී එජාපයට එක්වීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ දේශපාලන මෙහෙයුම් සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබේ. 

මෙම කණ්ඩායම 'G-20' (Group-20) ලෙසින් නම් කර ඇති අතර ඊට  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනාට අමතරව, නායකත්ව මණ්ඩලයේ සියලු දෙනාම එහි සාමාජිකත්වය දරති.

එසේම මේ සඳහා ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, පාලිත රංගේ බණ්ඩාර, තලතා අතුකෝරාල යන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතාද ඇතුළත් කර ඇත. 

මෙකී කණ්ඩායම මැතිවරණයට අදාළ මෙහෙයුම් සිදුකරන අතර, මේ වනවිටත් ඔවුන් දෙවරක් රැස්ව තිබේ. G-20  කණ්ඩායමේ මීළඟ රැස්වීම හෙට (17) පෙරවරුවේ පැවැත්වීමටද නියමිත බව වාර්තා වෙයි. 

 

Rate this item
(6 votes)
Last modified on Friday, 17 October 2014 10:19