April 19, 2024

මහින්දගේ පක්ෂය සන්ධාන ගත වීමට සූදානම් - පක්ෂ 18ක් සාකච්ඡා අරඹයි

ඉදිරි මැතිවරණවලදී සන්ධානයක් වශයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවත් පක්ෂ 18ක් මූලික සාකච්ඡා පවත්වා ඇති බව ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී ඒ ඒ පක්ෂ සඳහා ලබාදෙන මන්ත්‍රි සංඛ්‍යාව පිළිබඳව දැනට සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡා වටයන් අවසන් කිරීමෙන් පසු සෑම දේශපාලන පක්ෂයක් සමඟින්ම ගිවිසුම් ගත වීමට නියමිතය.

දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙලෙස සන්ධානගත වීමට නියමිත බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 October 2017 10:06