March 28, 2024

“මහින්ද ගැන කතා එපා“ - ජනපතිගෙන් දුමින්දට තරවටුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවත් ඒ ගැන කතා කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම්දී ඇතැයි වාර්තාවේ.

පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකරන මන්ත්‍රීන්ට එරෙහිව ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමේදී හිටපු ජනාධිපතිවරයා විවිධ ජාතික හා ආගමික උත්සවවලදී පක්ෂයට හානිකර ප්‍රකාශ සිදුකර ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් පියවර ගතයුතු බව දුමින්ද දිසානායක මහතා ඇතුළු කිහිප දෙනෙක් පෙන්වාදී තිබිණි.

එවිට පක්ෂ මහ ලේකම්වරයාට රාජපක්ෂ මහතා සම්බන්ධව ඉහත උපදෙස් දුන් ජනාධිපතිවරයා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සම්බන්ධව කෙරෙන පරීක්ෂණ හමාර කර කඩිනමින් විනය පියවර ගෙන අවසන් කළ යුතු යැයි පෙන්වා දී තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 October 2017 09:39