April 17, 2024

මහින්දානන්ද හා වෙල්ගම ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් දොට්ට - අත්තනගල්ල සංවිධායක ධූරය චන්ද්‍රිකාට

නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහ මහතා පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත්තේ ඊයේ(12) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 16 October 2017 10:27