March 29, 2024

“රනිල් අපිට ණයයි“ - පට්ට හොරු එළියට එන හැටි අනුර කුමාර හෙළිකරයි (VIDEO)

මහින්ද රාජපක්ෂගේ ගෝලයින් ජවිපෙ - එජාපයට පූට්ටු කිරීමට සැලසුම් කරන බවත් රනිල් වික්‍රමසිංහගෙන් හෝ මහින්ද රාජපක්ෂගෙන් ජවිපෙට කිසිවක් බේරාගැනීමට නොමැති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජවිපෙ ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාරයක් බවත් එසේ නොමැතිව රනිල්ට හෝ මහින්දට වගකියන දේශපාලන ව්‍යාපාරයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ලක්ෂ 6000ක සිල්රෙදි ලංකාවට වටේ වට තුනක් ඔතන්න පුළුවන් බවත් මෙවැනි පට්ට හොරු එළියට එන්නේ එකඟතාවන් නිසා බවත් පෙන්වා දුන් අනුර දිසානායක මහතා විමල් වීරවංශගේ පාස්පෝට් ප්‍රශ්නයේදී අගමැති මැදිහත් වූ බවත් ඉන් පසු විමල් වීරවංශ මහතා එළියට දැමූ බවත් ඒ සිද්ධියට ජනාධිපතිවරයා සාක්ෂි දරන බවත් කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගේ නඩු කල් යන්නේ ඒ අය අතරේ එකඟතාවන් නිසා බවත් ජවිපෙට රනිල් වික්‍රමසිංහ සමග බේරාගැනීමට කිසිදෙයක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණට ණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ රහස් ගනුදෙනු නොමැති බවත් වත්මන් රජය සහ පසුගිය රජයේ දේශපාලනඥයින් අතර එවන් රහස් ගනුදෙනු පවතින බවත් මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 October 2017 11:28