April 23, 2024

“ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්“ - හරීන් ඇතුළු එජාප මන්ත්‍රීවරු ආණ්ඩුව ගැන දැඩි කලකිරීමක (VIDEO)

September 29, 2017

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබද දැඩි කණස්සල්ලෙන් පසුවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

බණ්ඩාරවෙල පැවැති උත්සවයකට එක්වෙමින් ඔවුන් දෙදෙනා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බවයි.

විශාල බලාපොරොත්තු රාශියක් සිතේ තබාගෙන වත්මන් ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ බවත් නමුත් මේවන විට හදවතේ දුකක් තිබෙන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

“ආණ්ඩුව හැදුවේ අපි. හැබැයි දැන් ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්“ යැයි බදුල්ල පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා ඉදිරියේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා පැමිණි බදුල්ල භූගත රථගාල විවෘත කිරීමේ උත්සවයට යහපාලනයට කැපවූ තමන්ට ආරාධනයක් නොතිබූ බවත් අපිට මුල අමතක කළ නොහැකි බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අවධාරණය කළේය.

මුල අමතක වන සියල්ලන්ට ස්වභාව ධර්මය දඬුවම් දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 02 October 2017 10:13