April 25, 2024

ජනපති මෛත්‍රීට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවන ලකුණු?

September 27, 2017

රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ කරන ආයතනයක් වන ඔස්ලෝ සාම පර්යේෂණ ආයතනය (PRIO) මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම යෝජනා කිරීමට ඉහළ සම්බන්ධතාවක් ඇති බව වාර්තාවේ.

ඔස්ලෝ සාම පර්යේෂණ ආයතනයෙහි හිටපු අධ්‍යක්ෂක ක්‍රිස්ටියන් බර්ග් හර්ප්වික්න් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරෙනු යැයි අපේක්ෂිත පුද්ගලයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නමද එක්කොට ඇත. නමුත් එම ආයතනය පවසන්නේ තවමත් නිල වශයෙන් නාම යෝජනා ඉදිරිපත් කර නොමැති බවයි. සිවිල් යුද්ධයෙන් අනතුරුව සංහිඳියා පියවර රාශියක් ගැනීම වෙනුවෙන් මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම යෝජනා විය යුතු බව හර්ප්වික්න් සහන් කර ඇත.

නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයින් ලෙස හදුනාගත් අනෙකුත් සිව් දෙනා වනුයේ ඇමෙරිකානු සිවිල් නිදහස පිළිබඳ සංගමය හා සුසෑන් එන් හර්මන්, බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව, ‘සුදු හෙල්මට්’ (සිරියානු සිවිල් ආරක්ෂකයින්) හා රියාද් අල් සාල් සහ ජෙනා නකාචේ බන්යේරේ, ජැනට් කහින්ඩෝ බින්දු හා ආචාර්ය ඩෙනිස් මුක්වේගේ ය.

Rate this item
(2 votes)
Last modified on Friday, 29 September 2017 16:51