March 29, 2024

හල්ලොලුව ඉල්ලා අස්වීම බොරුවක්? මාසයකට කලින් ඇමැති දුමින්ද සභාපති ධූරයෙන් ඉවත් කරලා

September 27, 2017

කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතාට චෝදනා රැසක් එල්ල කරමින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බවට තුසිත හල්ලොලුව මහතා මීට දින කිහිපයකට පසුගියදා මාධ්‍ය වෙත ලිපියක් යොමු කර තිබිණි.

විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් තුසිත හල්ලොළුව මහතා සඳහන් කර තිබුණේ යහපාලනයට වින කළ දුෂ්ට බලවේගවල ග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා නතුව ඇති බවත් තවදුරටත් ඔහු යටතේ කටයුතු කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත් තුසිත හල්ලොලුව මහතා එම ලිපිය එවීමට පෙර මසකට පමණ පෙර කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට 2017 අගෝස්තු 15 වන දින නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

ඒ අනුව 2017 සැප්තැම්බර් 25 දින සිට කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වන බවට තුසිත හල්ලොලුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණද ඊට පෙර විෂය භාර අමාත්‍යවරයා විසින් තුසිත හල්ලොලුව මහතා සභාපති ධූරයෙන් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපතිවරයා පත් කළ ලිපිය පහතින්,

No automatic alt text available.

Image may contain: 2 people, people sitting, table and indoor

Rate this item
(11 votes)
Last modified on Friday, 29 September 2017 16:52