April 23, 2024

බණ්ඩාරනායක ගුණ සැමරුමට මෛත්‍රී යයි

September 26, 2017

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

ඒ හා සමගාමීව ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරිණි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප‍්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් සමාධියට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවූහ.

අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

පළාතේ මහා සංඝරත්නය ද, මැති ඇමතිවරු ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 September 2017 16:52