April 19, 2024

ගම්මන්පිලගෙන් මහින්දට චෝදනාවක් - අරලියගහ මන්දිරයේ “ෆෙඩරල් දානයක්“

September 25, 2017

ආණ්ඩුව පුංචි ඡන්දේ කල් දැම්මේ මැතිවරණ කොමිසමේ වංක සහයෝගයෙන් වන බැවින් 2018 දෙසැම්බර් වන තුරු ඡන්දය නොපවත්වනතුරු බලා නොසිට මැතිවරණ කොමිසම දැන්ම වහාම ඉල්ලා අස්විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව පැවැසූවේ අද(25) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

2015 ජනාධිපතිවරයා විසින් කොට්ඨස සිමානිර්ණය පිළිබද ගැසට් නිවේදනය කළ පසු  මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඕනෑ තරම් අවස්තාව තිබුණු නමුත් කොමිසම එසේ නොකොට සීමානිර්න අභියාචනා කමිටුව පෙන්වමින් මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළ බවට ඔහු මෙහිදී චෝදනා කළේය.

සීමානිර්ණය පිළිබද අභියාචනාවක් පවතින විට මැතිවරණ පැවැත් වීමට නොහැකි යැයි නීති පොතේ කොතැනකවත් නැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග එකඟ නොවන්නේ නම් ඒ පිළිබඳ ඔහුත් සමග ප්‍රසිද්ධ විවිදයකට එන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට අභියෝග කළේය. 

කොට්ඨාශ ක්‍රමය පෙන්නා ඡන්දය කල් තැබීමට පසුගිය බදාදා ආණ්ඩුව උත්සහා කරන අතරේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අගමැතිවරයා හමු වී දැඩි පීඩනයක් යොදා 2018 මාර්තු අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමට එකග කරගත් වාතාවරණයක 2018 දෙසැම්බර් වන විට මැතිවරණ පැවැත්වුයේ නැති නම් තමන් ඉල්ලා අස් වෙනවා යැයි පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආණ්ඩුවට තවත් මාස නවයක් මැතිවරණය කල් දැමීමට අවස්ථාව සලසා දී ඇත් බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය. 

භික්ෂූන් වහන්සේලා දහස්නමක් සඳහා ලබන 27 වැනිදා අරලියගහ මන්දිරයේදී ෆෙඩරල් දානයක් සූදානම් කර ඇතැයි ද පොලීසිය මාර්ගයෙන් මෙම දානයට සහභාගි වන්නැයි භික්ෂූන් වහන්සේලාට ආරාධනා පත්‍ර යවා තිබෙන බවත්, උන්වහන්සේලාට දානයට වැඩම කිරීම සඳහා අරලියගහ මන්දිරයෙන් වාහන ලබාදෙන අතර, එම වාහනවල පොලීසිය ගමන් කරන බවත් දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 September 2017 10:48