April 25, 2024

ශ්‍රීලනිපය ඡන්දයට එන්නේ පෙරමුණකින්? සන්ධාන - ශ්‍රීලනිප ප්‍රබලයින් ජනපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක

September 21, 2017

ඉදිරි මැතිවරණයට සන්ධානයකින් හෝ පෙරමුණකින් ඉදිරිපත් වනවාද යන්න ශ්‍රිලනිපය මෙතෙක් තීරණය කොට නොමැති බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණවලට සූදානම්වීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

එම සාකච්ඡාවට ලසන්ත අලගියවන්න, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතාද සහභාගි වී තිබේ.

උතුරුමැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රීලනිපයේ සූදානම පිළිබඳව හා පක්ෂයේ මැතිවරණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචි නිලමේ මහතා පැවසී ය.

කෙසේ වෙතත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පවතින අසීරුතාව හමුවේ ආණ්ඩුව ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන බවක් දක්නට ලැබේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 September 2017 11:32