April 20, 2024

ජනපති මෛත්‍රීට ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්

September 21, 2017

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වෙනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට පෙරේදා රාත්‍රියේදී ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා ට්‍රම්ප් මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

මේ සුවිශේෂිත අවස්ථාවට ජනාධිපතිවරයා සමග ජයන්ති සිරිසේන මහත්මියද සහභාගී වී ඇත.

භෝජන සංග්‍රහය අතර තුර ඉතා සුහද කතා බහක නිරත වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හට නව ජනාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කළ අතර පසුගිය දිනවලදී ස්වභාවික ව්‍යසනයෙන් ඇමරිකාවට සිදුවූ හානිය පිළිබඳව කණගාටුවද ප්‍රකාශ කළේය.

මෙහිදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සුන්දර රටක් බවත් රට තුල පැහැදිලි පරිවර්තනයක් සිදුකර ඇති බවත්ය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ රටේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම විටම සහයෝගය ලබා දෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 September 2017 11:41