April 20, 2024

තවත් පිල් මාරුවක් - සන්ධාන මන්ත්‍රී පිරිසක් පොහොට්ටුවට එක්වෙයි

September 20, 2017

පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනා හා වයඹ පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 9 දෙනා අතරින් 5 දෙනෙකු හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සියලුම හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක් ව සිටිති.

පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රධාන ආසන සංවිධායක ට්‍රිවින් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම සියලු දෙනා ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව ලකුණින් තරග වැදීමට සූදානම් වෙමින් සිටින බවයි.

ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ඉතා පහසුවෙන් ජයගැනීමට හැකියාව තම පක්ෂයට තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

අරුන්දික විපක්ෂයට

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.

මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.

Rate this item
(8 votes)
Last modified on Friday, 22 September 2017 11:40