April 20, 2024

“ආණ්ඩු පෙරලියට සියලු දේ සූදානම්“ - අරුන්දික කියයි

September 14, 2017

ඊයේ(13) දිනයේ දී ජනාධිපතිවරයා සමඟ උත්සවයකට සහභාගී වු පමණින් ආණ්ඩුව නොපෙරලන බව පැවසිය නොහැකි යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ තුළින් නැවතත් ඇමතිකමක් ලබා ගන්නවා යනුවෙන් අදහස් කළ නොහැකි බවත් ඉදිරි කාලයේ දී වත්මන් ආණ්ඩුව පෙරලීම සඳහා කළ හැකි සෑමදෙයක්ම සිදුකරන බවත් ඔහු අවධාණය කළේය.

පක්ෂ දෙකේම හොඳ පුද්ගලයින් සිටින බවත් කලකිරීම තියෙන්නේ ආණ්ඩුව ගැන මිසක් ජනාධිපතිවරයා සමඟ නොවන බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

රටේ ජනතාව ගැන සිතා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබූ බවත් ආණ්ඩුව යම් යම් කරුණු සම්බන්ධයෙන් වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන බැවින් එය විවේචනය කළ බවත් එය කිසිසේත්ම වැරුද්දක් නොවන බව ද සඳහන් කළ අරුන්දික ප්‍රනාන්දු මහතා අද වන විට දෙකඩ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කර එක් ආණ්ඩුවක් සෑදීම අනාගත බලාපොරොත්තුව බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් ඇතැම් අය අද වන විට 2020 මැතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් අගමැතිවරයා පත් කිරීමට සිහින බලමින් සිටින බව ද පැවසී ය.

අරුන්දික මෛත්‍රී එක්ක උත්සවයකට යයි

කෙසේ වෙතත් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) විවෘත කෙරිණි.

එම අවස්ථාව සඳහා පෙරේදා (12) අමාත්‍යධුරයෙන් ඉවත්කෙරුණු අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද එක්ව සිටියේය.

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පෙරේදා(12) එම ධූරයෙන් ඉවත් කළේය.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය පෙරේදා සිට බලපැවැත්වේ.

Rate this item
(4 votes)
Last modified on Friday, 15 September 2017 12:05