April 19, 2024

මලික්‌ගේ යෝජනාවට කැබිනට්‌ රැස්‌වීමේදී විරෝධයක්

September 13, 2017

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් ඊයේ (12) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ ගෑස්‌ මිල ඉහළ නැංවීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ කැබිනට්‌ ඇමැතිවරු වැඩි දෙනකු ප්‍රතික්‍ෂේප කර ඇත.

ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී කැබිනට්‌ ඇමැතිවරුන් බහුතරයකගේ මතය වූයේ ගෑස්‌ මිල ඉහළ නැංවීම මේ මොහොතේ කිසි ලෙස නොකළ යුත්තක්‌ බවයි. 

කැබිනට්‌ රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 September 2017 10:15